පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශ වල මුස්ලීම් පල්ලි වලින් සොයාගත් කඩු ගෙනෙන්නට ඇත්තේ ව්යාපාරකරිමසඳහා වන්නට ඇති බව හිටපු අමාත්‍ය M.H.A හලීම් මහතා අද පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ ය.
මෙහිදි කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මුස්ලීම් දෙවස්ථානයක තිබු සොයාගන්නා ලද කඩු කිහිපයක්ද ජනාධිපති කොමිසම වෙත හිටපු ඇමතිවරයා ගෙනවිත් ඇති අයුරු දක්නට ලැබීම විශේෂත්වයකි.
ජනාධිපති කොමිසමෙව් සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ඔබ ඔය කියන්න හදන්නේ කඩු තියාගන්න ඇත්තේ වෙන වෙන හේතු වලට කියලාද යන්නයි
එහිදි හිටපු ඇමතිවරයා පිළතුරු දුන්නේ මම කඩුයි කැත්තයි කියන එකේ වෙනස දැනගෙන හිටියේ නැහැ යනුවෙනි.
සහරාන්ගේ මල්ලි රිල්වානුයි, ඒ කණ්ඩායමේ මිල්හානුයි කඩු විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වාගෙන ඒවා යම් පුද්ගලයෙක් මාර්ගයෙන් බේරුවල ප්‍රදේශයට යැව්වා.එතනදි කොළඹ එක්තරා පල්ලියකට කඩු 50 ක් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ මුස්ලීම් පල්ලියේ මව්ලවිවරයා අත්අඩංගුවට ගත්තා කියලා දන්නවද යනුවෙන් කොමිසම විමසනු ලැබුවේය.
මේ පල්ලිවල කඩු තබාගෙන ඉදලා හම්බෙනවා කියන එක ගැන සොයා බැලුවා. ව්‍යාපාර කරන්න ගෙනාපු පිහි වගයක් හම්බෙනවා කියලා තමයි දැනගන්න ලැබුනේ යැයි හලීම් මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔබ තාමත් කියන්නේ එදා කියපු මතයේමදැයි මෙහිදි රජයේ නීතිඥවරයා ප්‍රශ්න කළේය.
මම දන්නේ නැහැ පිටරටවල් වලින් කඩු ගෙනාවාද නැද්ද කියලා. නමුත් මම කියපු එකේ වරදක් නැහැ කැති වගේ දෙවල් පල්ලිවල තියාගෙන ඉන්නවා සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සදහා යැයි හලීම් මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.