කොළඹ දිස්ත්‍රික්කයේ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද වන විට 14,500 ඉක්මවා තිබේ.
COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPC) පැවසුවේ 2020 ඔක්තෝබර් 4 දින සිට කොළඹ කොරෝනා ගීන් 14,551 ක් වාර්තා වී ඇති බවයි.
අද අලුයම 06 ට අවසන් පැය 24 තුළ කොළඹින් කොවිඩ් රෝගීන් 444 දෙනෙකු හඳුනාගෙන ඇති බව එම මධ්‍යස්ථානය පවසයි
මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 75 යි ,අම්පාරෙන් 41කු කුරුණැගලින් රෝගින් 22ක් සහ කළුතරින් රෝගින් 19 කු වාර්තා වි ඇත.
මේ වන විට මිනුවන්ගොඩ සහ පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරු සම්බන්ධව රෝගීන් 29,148 ක් හඳුනාගෙන ඇත.මෙම පිරිස අතර 3,059 ක් මිනුවන්ගොඩ පොකුරට ද 26,089 ක් පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරට සම්බන්ධ අය වෙති
ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් සංඛ්‍යාව 32,789 ක් වන අතර පුද්ගලයන් 8,845 ක් වෛද්‍ය ප්‍රතිකාර ගනු ලබයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 152 ක් වාර්තා වී ඇති අතර ඔක්තෝම්බර් මාසයේ දෙවන කොවිඩ් රැල්ලෙන් මරණ 139 ක් වාර්තා වී තිබේ.මේ අතර, කටාර් සිට මගීන් 42 ක් සහ සෞදි අරාබියේ සිට මගීන් 50 ක් අදඋදෑසන පැමිණ තිබේ.