මෙම මස 18 වෙනිදා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර සතියකට 03ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
මෙම ගුවන් ගමන් කොවිඩ් – 19 අදාළ ගුවන් ගමන් සීමාවන්ට සහ අදාළ රටවල් විසින් පනවා ඇති දේශසීමා වසා දැමීම් වලට යටත්ව ක්‍රියාත්මක වේ. මීට අමතරව කටුනායක සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් අතර සතියකට එක් වරක් ගුවන් ගමනක් ක්‍රියාත්මක වේ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොළඹ , ගාල්ල සහ මහනුවර ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි කාර්යාල වලින්, සංචාරක නියෝජිතයන්ගෙන් , +94117771979 දුරකථන අංකයෙන් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ www.srilankan.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගත හැකි.