මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව මේවන විට 149 දක්වා ඉහළ ගොස් ඇති බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ දින මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු කොළඹ සහ අනෙක් පුද්ගලාය ඉම්බුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
කොළඹ 15 ප්‍රදේශයේ මෙලෙස කොවිඩ් ආසාධනය වි මියගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මියගොස් ඇත්තේ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය .
අනෙක් පුද්ගලයා 66 හැවිරිදි අයෙකු වන අතර ඔහු මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදිය.