නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතය. එමෙන්ම අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව මෙලෙස නව ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව නව ගොඩනැගිල්ල අලුත්කඩේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලක විවෘත කිරීමට නියමිත බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.
එමෙන්ම අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මේ වන විට දිවයින පුරා අධිකරණවල ලක්ෂ 8 කට ආසන්න නඩු ප්‍රමාණයක් ගොඩගැසී ඇති අතර ඊට විසඳුම ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අනවශ්‍ය කරුණු කාරණා මතු කරමින් ගෙනයනු ලබන ව්‍යාජ වැඩපිළිවෙලවල් සහ කටකතා කණගාටුවෙන් යුතුව හෙළා දැකිය යුතු අතර සාකච්ඡා වට කිහිපයකින් පසුව අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.