පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අධ්‍යාපන සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට ගෙන ඇති පියවර සමාලෝචනයට ගනිමින් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේජනාධිපතිවරයා මේ බව පැවසීය.
මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ වෙන අතර රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුය.
ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පවතින වාතාවරණය මත අඩාල නොවිය යුතු බව ජනාධිපති අවධාරණය කර තිබේ.
ඒ අනුව තනි විෂය නිර්දේශයක් යටතේ පෙර පාසලේ සිට උපාධිය දක්වා අධ්‍යාපන ක්‍රමවේද සැකසීම තම අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන බළධාරීන්ට පවසා ඇත.


