එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති සහ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවී එම පක්ෂයට සහයෝගය පළ කළේය.
ජනක රණවක මහතා සමග එක්සත් සංවර්ධන පෙරමුණේ පිරිසක් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයට ඊයේ (09) පැමිණ මෙලෙස සජිත්ට සහයෝගය පළ කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද ජනක රණවක මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ රණවක මහතා පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරගකොට මනාප 31683ක් ලබා ගත්තේය.