තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 144ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ 15 ප්රදේශයේ පදිංචිව සිටි දින 20ක් වයසැති බිළිඳෙක් සහ කොළඹ 10 ප්රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.
අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනා ගෙන ඇති අතර අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 694ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,072ක් දක්වා ඉහළ ගොස් ඇත.


