ඇමරිකාවේජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ලැබූ ජයග්‍රහනය අභියෝගයට ලක් කරමින් ගොණුකළ නඩුව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ ප්‍රථිපලය සහතික කිරීම වැලැක්වීමේ අරමුණෙන් රිපබ්ලිකන් පාක්ෂිකයින් මෙම නඩුව ගොණු කළද විනිසුරුවරුන් එය ප්‍රතික්ෂේප කළහ.
මැතිවරණ ප්‍රතිපළය පිලිබඳ ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විසඳෙනු ඇතැයි සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රයන්නය මෙමගින් යලිත් වරක් අසාර්ථක වී තිබේ.
යලිත් වරක් ඇමරිකාවේ ජනපති ධුරය දැරීමේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සිහිනය පසුගිය මස ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජයත් සමග බොඳවී ගියේය.
එතැන් පටන් ට්‍රම්ප් ජනාධිපතිවරයා හා ඔහුගේ ආධාරකරුවන් බයිඩ්න්ගේ ජයග්‍රහණය පෙරලාදැමීමේ අපේක්ෂාවෙන් අවස්ථා ගනනාවකදී අධිකරණය හමුවට ගියද එය අසාර්ථක විය