මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එළෙස ඉදිරිපත් කරමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම කමිටුවේ සම්පූර්ණ වාර්තාව මාසයක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිත බවය.
මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වැනිදා හටගත් කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 106 දෙනෙක්ට තුවාල සිදුවීය. මිය ගිය 11 දෙනාගෙන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින්ය. එමෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 165දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.


