මහ බැංකු බැඳුම්කර සිද්ධියේ අවසාන චූදිතයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසිය පැවසීය.
අද පවතී පාර්ලිමේන්තු සැසිය අමතමින් ඔහු අවධාරණය කලේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු වගකිව යුතු ආයතන විසින් මේ වනවිටත් පියවර ගෙන ඇති බවය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා කල කරුණු දැක්වීම සම්බන්ධයෙන්ද අලි සබ්රි මහතා කරුණු පැහැදිලි කළේය.