ඉන්දික ශ්‍රී අරවින්ද
ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තබා ඇති චීන භාෂාව සහිත දුම්රිය කාලසටහන් පුවරුව සම්බන්ධයෙන් රාජ්‍ය භාෂා කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එම කොමිසමේ සහකාර අධ්යක්ෂ සිවප්රගාෂන් මදිවානන් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම දැන්වීම් පුවරුව සවිකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයාගෙන් වාර්තාවක් ඉල්ලා දැනුම් දී ඇති බවයි.
මෙලෙස වෙනත් රටක භාෂාවක් මෙරටදී භාවිතා කරන්නේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීමක් ලෙස මදිවානන් මහතා අවධාරණය කරයි. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි පරිච්ඡේදයේ පැහැදිලිවම සඳහන් කර තිබේ.
ව්‍යවස්ථාවට අනුකූලව යම් නාම පුවරුවක් මහජනයාට ප්‍රදර්ශනය කරන්නේ නම් සිහල සහ දෙමළ භාෂාවට ප්‍රධාන තැනක් ලබා දිය යුතු අතර ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් බැවින් ඒ සඳහා තෙවැනි තැන ලබා දිය යුතු බව සහකාර අධ්යක්ෂ සිවප්රගාෂන් මදිවානන් මහතා වැඩිදුරටත් පැවසිය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා පසුගිය දා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම දැන්වීම් පුවරුව ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සවි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මෙම දැන්වීම් පුවරුවේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරය දුටු බවත් තමා සාමාන්‍යාධිකාරී වීමට පෙර මෙම දැන්වීම් පුවරුව සවි කර ඇති බවත්ය.
එහෙත් මෙය සවි කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය. එවැනි අවශ්‍යතාවයක් ඇත්නම් මෙය ඉවත් කිරීමට ද පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.