ලෝක ප්‍රකට අතිශය ජනප්‍රිය වූ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ චිත්‍රපටය පදනම් කරගෙන ඇමේසන් ඔරිජිනල් කතා මාලාවේ නවතම චිත්‍රපටය ලාංකේය අපට නැවුම් සලකුණක් සටහන් කර ඇත. ඒ එහි රංගනයට ශ්‍රී ලංකාවේ උපන් නිළි තුසිතා ජයසුන්දර එක් වීමෙනි.
තුසිතා ජයසුන්දර එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික නිළියක් වන අතර 1971 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ ජයසුන්දර 1993 දී රාජකීය නාට්‍ය ඇකඩමියෙන් උපාධිය ලබා ගත් දක්ෂ ශිල්පිනියකි
මැය The Foreigner (2017), Doctor Foster: A Woman Scorned (2015) සහ The Bill (1984) චිත්‍රපට සඳහාද රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.
ඇමේසන් ස්ටූඩියෝස් විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පරිදි තුසිතා ජයසුන්දර අතිරේක නළු සාමාජිකයින් විසි දෙනාගෙන් එක් අයෙක් ලෙස මෙහි රංගනයෙන් දායක වෙයි.
මාධ්‍ය වාර්තාවලට අනුව, අලුතින් හෙළිදරව් කරන ලද නළු සාමාජිකයින් මීට පෙර නිවේදනය කරන ලද ගෝලීය නළු නිළියන් හා කාර්ය මණ්ඩලයට එක් වේ.
- අශ්වරු