කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද අළුයම් කාලයේදී ඇතුලත් කරනු ලැබූ දින 20ක් පමණ වයසැති බිලිඳෙකු අද සවස ජිවිතක්ෂයට පත්ව ඇත.
අද අළුයම 4.00 ට පමණ මෙම බිලිඳා රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදී තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට ඇත.
කොළඹ, මෝදර ප්රදේශයේ පදිංචිකරුවෙක් බිලිඳාගේ දෙමව්පියන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට ද සිදුකළ පරීක්ෂණ මගින් හෙළිවී ඇති අතර මෙම බිලිඳාගේ මරණයට සෘජු හේතුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නොවන බවත් පැවති තදබල නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බව වාර්තා වෙයි.
අද (08) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 797ක් හඳුනා ගෙන ඇති අතර එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයින් 567ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 230ක් වශයෙන් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 25,822කි.


