ඉන්දික ශ්‍රී අරවින්ද
covid-19 ව්‍යාප්තිය පාලනය කිරීමට භාවිතා කරන ප්‍රමිතියෙන් අඩු බාල තත්වයේ සනීපාරක්ෂක දියර ඉසින (sanitizer) වෙළඳ පොළට නිකුත් වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙලෙස සැලකිය යුතු එතනෝල් (මද්‍යසාර ස්ප්‍රිතු) ලීටර ප්‍රමාණයක් සනිපාරක්ෂක දියර ඉසින (sanitizer) නිෂ්පාදනය සඳහා නිකුත් කර ඇති පසුබිමකදී බාල ප්‍රමිතියකින් යුත් දියර ඉසින (sanitizer) වෙළඳ පොළේ ඇති බවට පැමිණිලි කිහිපයක්ම දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි.
සාමාන්‍ය ප්‍රමිතියට අනුව විෂබීජ මර්දනයට නම් සනිපාරක්ෂක දියර ඉසින (sanitizer) නිෂ්පාදන තුළ මද්‍යසාර ස්ප්‍රිතු (එතනෝල්) ප්‍රතිශතය 80% ක් අඩංගු විය යුතුව ඇති අතර වෙළඳ පොළේ ඇති බාල ප්‍රමිතියෙන් යුත් දියර ඉසින (sanitizer) නිෂ්පාදනයන්හි මද්‍යසාර ස්ප්‍රිතු (එතනෝල්) ප්‍රතිශතය 60% කටත් වඩා අඩු බවට සිදුකල පරීක්ෂණවලදී හෙළි වී ඇත.
එබැවින් එම සනිපාරක්ෂක දියර ඉසින (sanitizer) නිෂ්පාදනවලින් විෂබීජ මර්දනය කිරීමක් සිදු නොවන බව කුමාරසිංහ මහතා පවසයි. ඒ අනුව ප්‍රමිතියෙන් අඩු බාල තත්වයේ සනීපාරක්ෂක දියර ඉසින (sanitizer) නිෂ්පාදන වැටලීම සඳහා විශේෂ කණ්ඩායමක් මේ වන විටත් යොදවා ඇති බව නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ වනවිට covid-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සනීපාරක්ෂක දියර (sanitizer) නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් (මද්‍යසාර ස්ප්‍රිතු)ලීටර් 13 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


