මෙරට දෙවන කොරෝනා රැල්ලේ ව්‍යාප්තිය ලෙස සැලකෙන මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවේ පළමු ආසාදිතයා වාර්තා වූ ඉකුත් ඔක්තෝම්බර් 04 වෙනිදා සිට 7වනදා වන විට 65 ක කාලය තුලදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 25,025ක් සහ මරණ 129ක් වාර්තා වී තබේ.
ඊයේ 7 වන විට කොරෝනා ආසාදිතයින් 703 දෙනෙකු සහ මරණ 02ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයින් 466ක් සහ බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 237ක් අද දිනයේදී හඳුනා ගනු ලැබූ ආසාදිතයින් ද 7වනදා වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 142කි. එවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 28,580ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7,634කි. සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 20,804කි.
එමෙන්ම සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හා මුඛ ආවරණ නොපැළඳීම, නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 40 දෙනෙක් ගතවූ පැය විසි හතරක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා එම චෝදනා යටතේ පුද්ගලයින් 1,151 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.