විවෘත වේමෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන ‘තම්බපවනී’ විදුලි බලාගාරය අද (08) ජාතික විදුලිබල පද්ධතියට එක්විය.
මෙරට විදුලිබල උත්පාදනයේ තවත් ඓතිහාසික සංදිස්ථානයක් සටහන් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය විවෘත කෙරුණි.
වසරකටත් අඩු කාලයකින් වැඩ අවසන් වූ එම සුළං විදුලි බලාගාරය මගින් විදුලි ඒකකයක් රුපියල් 8ක් වැනි සුළු මුදලකට නිපදවිය හැකි මෙහි පළමු පියවර ලෙසින් මෙගාවොට් 100ක සුළං විදුලි ධාරිතාවයක් එහිදී නිපදවෙන අතර පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 135කි.


