කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණත් මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ මෘත ශරීරයක මේ වනවිට පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් තවම ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කල නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මහර සිද්ධියෙන් බන්ධනාගාර රැඳවියන් 11ක් මිය ගියා අතර මේ මියගිය අයගෙන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින්ය. එමෙන්ම අවසන් කටයුතු කරන්න අධිකරණ නියෝගයක් ලැබිය යුතු බවත් විමර්ශන අනුව අධිකරණය ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කරන අයුරු ගැන තීන්දුවක් ලබා දෙන නමුත් කොවිඩ් ආසාදිතයෙකු සම්බන්ධව කටයුතු කරන විදිහ සෞඛ්‍ය අමාත්‍යවරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
මේ සියලු කරුණු සලකලා බලලා අධිකරණය තීරණයක් ලබාදීමට නියමිතය. මේ මෘත ශරීර සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි මේ වන විට ලබාගෙන ඇත.


