මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර නිර්මාණය වී ඇත්තේ සීදුව රමාඩා හෝටලයේ නවාතැන් ගත් යුක්රේන ජාතිකකුගෙන් බව අද පාර්ලිමේන්තුවේදී කතා බහට ලක්විය.
යුක්රේන ජාතික ගුවන් යානා කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු මගින් බොහෝ දුරට අනුමාන කළ හැකි බව වැඩි දුරටත් පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මිය පැවසීය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බව පැවසීය.


