මාරවිල තුඩුවාව ප්‍රදේශයෙන් ඊයේ (06) සොයාගත් හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමේ ජාලය මෙහෙයවා ඇත්තේ ඩුබායි හි රැඳී සිටින පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
මාරවිල තුඩුවාව ප්‍රදේශයෙන් ඊයේ සොයාගැනුණු අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අයෙකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසියේ සහය ලබාගන්නා බවත් පොලිසිය පැවසුවේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ අද (07) එම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය අංශය පවසයි. ජාත්‍යන්තර පොලීසියේ සහයෙන් එම පුද්ගලයා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන සුරාබදු නිලධාරීන් ඊයේ (06) මාරවිල තොඩුවාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සොයා ගනු ලැබීය.
නාවික හමුදාවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ අලුතින් පිහිටුවා ඇති බුද්ධි ඒකකයේ නිලධාරීන්ගේද සහය ඇතිවය. මෙය සුරාබදු දෙපාර්තමේන්තුව, ඉතිහාසයේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය මෙහෙයුම වන අතර එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2100කි.