මෙරට කලාව පෝෂණය කල ජනප්‍රිය සහ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිණියක වූ ඇන්ජලා සෙනෙවිරත්න කවුරුත් දන්නා හඳුනන බෙහ්වින්ම රසික ආදරය දිනා ගත් කලාකාරිනියකි.
කලක් වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවත් ඇයගේ ශල්‍යකර්මය සඳහා ලක්ෂ 15 ක පමණ මුදලක් අවශ්‍ය වන බව ඇය විසින් සඳහන් කර තිබිණි.
එම මුදල් ප්‍රමාණය සඳහා දායක වීමට ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ සැදුම්ලත් සංවිධානයක් වන Global Sri Lanka youth force නම් සංවිධානයේ සාමාජිකයින් විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.
එහිදී ඇන්ජලා සෙනවිරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා උවදුර නිම වීමත් සමඟම හැකි ඉක්මනින් තම ශල්‍යකර්මය කරගැනීමට කටයුතු කරන බවයි. ඒ සඳහා සහයෝගය දක්වන ලද සියලු දෙනාට ඇයගේ කෘතඥතාවය පල කළාය.
එම මුදල් මොරටුව ලක්ෂපතිය මහාවිහාර පාරේ පිහිටි ඇයගේ නිවසට ගොස් ලබාදීමට එම සංගමයේ නියෝජිතයන් පසුගියදා කටයුතු කල බව එම සංගමයේ නියෝජිතයකු අපට පැවසීය.
- අශන්ති වරුනසුරිය