ඉන්දික ශ්‍රී අරවින්ද
මියගිය පසු PCR පරීක්ෂණයෙන් කොවිඩ් – 19 බව තහවුරු වන සෑම පුද්ගලයෙකුගේම අවසන් කටයුතු සඳහා නොමිලේ මිනි පෙට්ටි සහ ආදාහන වියදම් රජයේ වියදමින් සිදු කිරීමට සෞඛ්‍ය අංශ වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ ජාති, ආගම් බේදයෙන් තොර තරාතිරම නොබලා සෑම පුද්ගලයෙකුටම රජයේ වියදමින් මෙම සේවාව සලසන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.
ඒ අනුව මිනි පෙට්ටිය සහ ආදාහන වියදම් ආපදා කළමනාකරණ අමාත්‍යංශය හරහා ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
ජනාධිපතිවරයා කලින් උපදෙස් ලබා දී තිබුණේ ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් -19 ආසාදිතව මියගිය අයගේ මෘත ශරීර පමණක් රජයේ වියදමින් ආදාහනය කිරීමටයි.
එහෙත් නව ක්‍රියාමාර්ගය අනුව කොවිඩ් – 19 හේතුවන් මියයන ඕනෑම අයෙකුට ඥාතීන්ගේ හා භාරකරුවන්ගේ කැමැත්ත පරිදි රජයෙන් දෙන මෙම වරප්‍රසාදය ලබා ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
covid -19 වෛරසය හේතුවෙන් මියයන පුදගලයින්ගේ දේහයන් ආදාහනය සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් වන”Shihara Janaza Foundaton” ඉදිරිපත්ව සිටින බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් හේතුවෙන් මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනි පෙට්ටි ලබා දෙන බවයි එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ.


