අද (06) දින තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙක් මියගොස් ඇත.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 140කි.
එසේ මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. ඔවුන් කෝට්ටේ (98 හැවිරිදි), කහතුඩුව (80 හැවිරිදි) සහ මග්ගොන (71 හැවිරිදි) පදිංචිව සිටි පුද්ගලයින් ය.