අශන්ති වරුනසුරිය
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මේ මාසය අවසන්වීමට ප්‍රථම පුද්ගලයකු නම් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පක්ෂය ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම තීරණය කඩිනමින් ගන්නා බව එජාප පක්ෂ නව මහලේකම් ෂමල් සෙනරත් මහතා පැවසීය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂයේ නව ප්රතිසංවිධාන කටයුතු ඉදිරියේ දී කඩිනමින් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.