හෙට අලුයම 5.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරි වසම් 13ක් හුදෙකලා කිරිමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ග්‍රාම නිලධාරි වසම් වන්නේ කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරි වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිල පාර යන ප්‍රදේශය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසම-කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම, හේකිත්ත ග්‍රාම නිලධාරි වසම, කුරුන්දුහේන ග්‍රාම නිලධාරි වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරි වසම, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසම ද පෑලියගොඩ පොලිස් වසම – පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරි වසම, පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරි වසම, මිගවත්ත ග්‍රාම නිලධාරි වසම, පට්ටිය – උතුර ග්‍රාම නිලධාරි වසම ද කිරිබත්ගොඩ පොලිස් වසම – වෙලේගොඩ ග්‍රාම නිලධාරි වසම ද ඊට අයත්ය.
මිට අමතරව මිට පෙර හුදෙකලා කළ පහත සඳහන් ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරෙන ප්‍රදේශ වන්නේ කොළඹ දිස්ත්‍රික්කය-බ්ලුමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරි වසම වේ. ගම්පහ දිස්ත්‍රික්කය – වත්තල පොලිස් වසමේ – ඉහත සඳහන් ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු ප්‍රදේශද පෑලියගොඩ පොලිස් වසමේ – ඉහත සඳහන් ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු ප්‍රදේශද කැලණිය පොලිස් වසම ද ඒ අතර වේ.