හිටපු අමාත්‍යවරයෙකු වන ටී. බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 67වන වියේ පසු වූ ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි බවද වාර්තා වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වු ඒ මහතා, 1994 වසරේ කුරුණැගල දිස්ත්රිකක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහු පසුගිය පාර්ලිමේන්තුව දක්වාම මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් විය.
කිහිපවිටකදී නියෝජ්‍ය හා කැබිනට් අමාත්‍යධුරවල ද කටයුතු කල ඔහු මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර මහ මැතිවරණයට තරග වැදුණ ද පාර්ලිමේන්තුට තේරී පත් නොවුණි.


