හෙට (07) සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් ධාවනය කිරීම සඳහා කටයුතු යොදා ඇත.
විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර ක්‍රමවේදයට අනුව බස් රථ දෙකක් ධාවනයේ යෙදවීම සඳහා ප්‍රවාහන අධිකාරියට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා උපදෙස් ලබා දී ඇත.
මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා පසුගිය කාලයේ බස්රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කර දුන් නමුත් සමහර මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් පවතින බවත් එවන් බස්රථ වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමටද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
මේ හේතුවෙන් සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.