කොරෝනාවෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් මුස්ලිම් ජනතාවට අධිකරණයට යාමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය කතෝලිකයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටීමට කාදිනල් හිමිපාණන්ට සිදුව ඇති බවද ඔහු පැවසීය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් කියා සිටියේ අල් කුර්ආනයට අනුව මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත ගත කරන බවයි. ඔබ දේශපාලනය සඳහා ඔවුන්ගේ අවසන් අයිතිවාසිකමත් උදුරා ගන්නවා. ඔබ සැවොම ලැජ්ජා විය යුතුය. මම ලැජ්ජා වෙමි, ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් එසේ පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේදී මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රජයට සහයෝගය දැක්වීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
මළවුන් සිහිකිරීමට උත්සාහ කළ සහ – සමාජ මාධ්‍යයේ ඒ පිළිබදව විවිධ දේ හුවමාරු කරගත් කිහිප දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, රජය, තමන්ගේ නොහැකියාව වසා ගැනීම සදහා ජනතාවගේ අවදානය වෙනත් දිශාවන්ට යොමු කිරීමට කටයුතු කරන බවටද මළවුන් සැමරීමේ අයිතිය තහවුරු කර ගැනීම සදහා උතුරේ ද්‍රවිඩ ජනතාවට අධිකරණයට යාමට සිදුව ඇති බව ද චෝදනා කළේය.