ඉන්දික ශ්‍රී අරවින්ද
ශ්‍රී ලංකාවේ චීන ආයෝජන සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු විය. වත්මන් රජය තමන්ගේ වැරදි වසාගැනීමට නැති බිල්ලෙක් මවා පාන බවත් චීන ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සැලකිලිමත් විය යුතු බවත් ශානක්‍ය රාසමානික්කම් මන්ත්‍රීවරයා පවසයි.
චීනය වරාය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරනවා. අපට තවත් පකිස්ථානයක් වීමට අවශ්‍යද? අපට තවත් ලාඕසයකු වීමට අවශ්‍යද? අපි ණය උගුලකට හසු වෙනවා. සිංහල ජනතාවට මේ ගැන කියන්න, මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ පැවති අයවැය කතාවේදී පැවසීය.
එමෙන්ම ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්රශ්නය දෙමළ හෝ මුස්ලිම්වරුන් ගැන නොව චීන හා සිංහල ප්‍රජාව මෙය තේරුම් ගත යුතු බවය. චීනය ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධ වී සිටියද, චීන ජාතිකයින් ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් රැකියා අවස්ථා නිර්මාණය කර නොමැති බව ද ඔහු පැවසීය.
චීන ආයෝජන එනවා. නමුත් චීන ජාතිකයන් පැමිණ වැඩ කරනවා. ඔවුන් ආයෝජනය කරලා ඔවුන්ගේ මුදල් රැගෙන පිටව යන බවද සිංහල බෞද්ධ රාජයක පදනම වන මනුෂ්‍යත්වයට ගරු කිරීම නම් මූලධර්මය මේ රට තුළ ගිලිහෙමින් පවතින බව ද මේ රටේ ප්රශ්නය දෙමළ මුස්ලිම් ජනතාව නොවන බවත් මේ රටේ ගැටලුව චීන ආයෝජන බවත් මන්ත්‍රීවරයා පැවසූ අතර සිංහල ජනතාවට එය පවසන ලෙසටත් ඔහු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්තිවරුන්ගේ විරෝධතා මධ්‍යයේය.