මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස පදික මාරුවේදී යතුරුපැදියක ගැටී ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දැරියන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇත.
බරපතළ තත්ත්වයේ පසුවන ගැබිනි මව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්කර තිබේ.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 7ක හා අවුරුද්දක යන වයස්වල පසු වූ දැරියන් දෙදෙනෙකි.