මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 26,500 ඉක්මවා ගොස් තිබේ. මේ අතර ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 342ක් වෙමින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ඊයේ (04) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 521 දෙනෙකු අලුතින් හඳුනාගත් අතර ඉන් 517 දෙනෙකු වාර්තා වී තිබුණේ මෙරට තුළින් හඳුනාගත් ආසාදිතයින් ලෙසය. තවත් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් ය. අනෙක් පුද්ගලයා විදේශගතව සිට මෙරටට පැමිණි විදේශිකයෙකි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 91 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී තිබුණි. ඊයේ දින දේශීයව හඳුනාගත් ආසාදිතයින් 517 දෙනාත් සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 23,005 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් 19,438 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 6,991 දෙනෙකු තවදුරටත් රෝහල් සහ කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. මෙරටදී සිදුවී ඇති කොවිඩ් සමස්ත මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගොස් තිබේ.