කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද (05) පෙරවරු 09.00 සිට යළි විවෘත කර ඇත.
එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන පැමිණිය හැකිය. එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ යටතේ එම ක්‍රියාවලිය සිදුවේ.
මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමුවීම නිසා ගුවන්තොටුපොළ බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වූ ගුවන් මගීන්ට ඒ සඳහා අවස්ථාව හිමි වේ.
ඒ අනුව තම නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ දින සිට මාසයක කාලයක් තුළ ගුවන්තොටුපොළ වෙත පැමිණ එහි පිහිටි බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව සලසා ඇත.