කොඩිඩ් 19 පාලනය කිරීම සඳහා තමන් ජනපති ධුරයට පත්වීමෙන් පසු දින 100ක් මුව ආවරණ පළදින ලෙස අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් එරට ජනතාවගෙන් ඉල්ලිමක් කරයි
කොවිඩ් 19 පාලනය කිරිමට තමා සහ උප ජනපතිනි කමලා හැරිස් සූදානම් බවදතේරීපත්ව සිටින අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් සඳහන් කළේය.
තමා සහ උප ජනපතිනිය ද ආදර්ශයක් සපයමින් මුව ආවරණ පළඳින බවද ඔහු පැවසීය.සියලු ජනතාව එය පිළිපැද්ද හොත් අනිවාර්යයෙන්ම එරට ආසාදිතයිනගේ සැලකිය යුතු අඩුවක් සිදු වනු ඇති බව තේරි පත්වු ජනපතිවරයා සඳහන් කරයි.
ජෝ බයිඩ්න් ජනපති ධුරයේ රාජකාරී ඇරඹීමෙන් පසු සියලු රාජ්ය ආයතනවලට ද මුව ආවරණ අනිවාර්ය කරන බව පවසා ඇත.
ව්යයවස්ථාවට අනුව මුව ආවරණ පළඳින ලෙස ජනතාවට නියෝග කිරිමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමැති බවටඇතැමුන් පැවසුවද ඊට ප්රතිචාර දක්වමින් බයිඩ්න් පවසා ඇත්තේ, තමා සහ උප ජනපතිනි කමලා හැරිස් ද මුව ආවරණ පළඳිමින් ආදර්ශයක් සැපයීමට සූදානම් බව ජෝ බයිඩ්න් සඳහන් කරයි.