මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, අසේලපුර 104වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටී මෙන් අනතුරක් සිදුව ඇත.
අද (04) උදෑසන 6.15 ට පමණ වැලිකන්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ දෙකෙහි රියදුරන් බරපතළ තුවාල ලබා ඇත.කොවිඩ් රෝගීන් ප්‍රවාහනය කළ බස් රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි අනුමාන කෙරේ
යුද හමුදා බස් රථය කොළඹ, හොරණ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් රැගෙන වැලිකන්ද පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යමින් තිබියදී අනතුර සිදුවී ඇත. අනතුරින් යුද හමුදා බස් රථයේ සිටි කොවිඩ් රෝගීන්ට හෝ පෞද්ගලික බස් රථයේ සිටි මගීන්ට තුවාල සිදු වී නොමැත.