අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකරන්නේ නම් කාලයක් හුදකලා කිරීමකට ලක්විය හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අත්තනෝමතික ලෙස ජීවත්වන පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් සමස්ථ කළුතර දිස්ත්‍රික්කයටම තර්ජනයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද එක ගම්මානයක ජීවත්වන පිරිසකගේ අත්තනෝමතික ක්‍රමවේදයන් හේතුවෙන් අවට නගරවලටත් කළුතර දිස්ත්‍රික්කයටත් තර්ජනයක් ඇතිවීමට අපි කිසිසේත් අවස්ථාවක් ලබා නොදෙන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකුව රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ පෙරේදා (02) පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිත එම පුද්ගලයා රෝහලගතවීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණි. එම සිද්ධිය හේතුවෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අටුලුගම ප්‍රදේශයේ ඊයේ (03) සිදුකිරීමට නියමිතව තිබූ පීසීආර් පරීක්ෂණ කටයුතුද තාවකාලිකව නතර කළේය.
මේ අතර ඊයේ අටුලුගම සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමා අදාළ නිලධාරීන්ගෙන් සමාව අයැද සිටින බව අටුලුගම පල්ලි භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.