බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ තර ඇත.
කොවිඩ් ආසාදිතයකු රැගෙනයාමට තැත්කල අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කර ඔහු විසින් අනෙක් පිරිසටද මෙය බෝ වෙන්න යැයි කියමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගසා ඇත.
ඊයේ වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. නිරෝධායන නීති කඩකල තවත් 35 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සැකකරුවන් ගණන 987කි.