ඊයේ (01) දිනයේ දී මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 545 දෙනාගෙන් ආසාදිතයින් 400 ඉක්මවු ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එලෙස හඳුනාගනු ලැබු ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම ආසාදිතයින් ගණන 294 කි. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක් වාර්තා වේ. ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණනින් 541ක් මෙරටින් හඳුනාගෙන ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි දෙදෙනෙක් හා ජපානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් සෙසු සිව්දෙනා වේ. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,983 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 6,593 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 17,817 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
එමෙන්ම ඊයේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.