චැං – 5 සඳ ගවේශන රොබෝ යන්ත්‍රය සාර්ථකව චන්ද්‍රයා මතට ගොඩබැස්වීමට චීනය සමත් විය
චන්ද්‍රයාගේ පාෂාන හා දූවිලි සාම්පල පර්යේෂණ සඳහා පෘථිවියට ගෙන ඒම මෙම මෙහෙයුමේ අරමුණයි.
සඳමත පිහිටි ගිණිකඳු වලින් ගහන ප්‍රදේශයක මෙම රොබෝ යන්ත්‍රය ගවේශන සිදු කිරීමට නියමිතව තිබේ.
කැමරාවක්, ස්පෙක්ට්රොමීටරයක්, රේඩාර් යන්ත්‍රයක්, පාශාන එකතු කිරීමේ උපකරණයක් සහ විදිනයක් ඇතුළුව උපකරණ ගණනාවක් මෙම රොබෝව සතුවේ.
මෙහෙයුමේදී සඳ මත ඇති පස්සාම්පල කිලෝග්‍රෑම් දෙකක ප්‍රමාණයක් ඇසුරුම් කර කක්ෂගත කර ඇති වෙනත් යානයක් වෙත යවා එවා පෘථිවියට රැගෙන ඒමට නියමිතයි.
මෙවැනි මෙහෙයුමක් මීට පෙර සිදුකර ඇත්තේ වසර 44 කට පෙරදීය.
සෝවියට් ලූනා 24 නැමති එම මෙහෙයුමේදී සඳමත ඇති ග්‍රෑම් 200 ක් පමන වූ පස් සාම්පලයක් පෘථිවියට රැගෙන ආවේය.
චිනය සතියකට පෙර මෙම මෙහෙයුම ආරම්භ කිරීමේදී මෙන් නොව, යානය ගොඩබෑම චීන රූපවාහිනී නාලිකා මගින් සජීවීව ආවරණය කළේ නැත.
යානය ගොඩබැස්වූ බවට තහවුරු කිරීමෙන් පසුව පමණක් ඔවුන් ඒ පිළිබඳව ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කළහ.