ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ හේතුවෙන් ඔහුට මෙම සති අන්තයේ බහරේනයේදී පැවැත්වීමට නියමිත ෆෝමියුලා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
35 හැවිරිදි හැමිල්ටන්ට පසුගිය සදුදා සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව සිදු කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී ඇත
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් හැමිල්ටන් පවසා ඇත්තේ තරගාවලිය අහිමි වීම පිළිබද කනගාටුවට පත්වන බවය.
නමුත් සෙසු පිරිසගේ ආරක්ෂාව පිළිබද සලකා සෞඛ්‍ය නිති රිති අනුගමනය කරමින් හුදකලාව සිටීමට කටයුතු කරන බව ඔහු පවසා තිබේ