මෙරට අධිකරණ ක්ෂේත්රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් ද මෙලෙස ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස, ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා, කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය, ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා, ජනක් ද සිල්වා මහතා, ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා, මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා, අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය.
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ, මේනකා විජේසුන්දර මහත්මිය, ඩී.එන්. සමරකෝන් මහතා, එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා, එම්.ටී.එම්. ලෆාර් මහතා, සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා, සම්පත් බී. අභයකොන් මහතා, එම් .එස්.කේ.බී. විජේරත්න මහතා, එස්.යූ.බී. කරලියද්ද මහතා, ආර්. ගුරුසිංහ මහතා, ජි.ඒ.ඩී. ගනේපොල මහතා, කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය, මායාදුන්න කොරයා මහතා, ප්රභාහරන් කුමාරරත්නම් මහතා, ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා ය.
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කිරීමට තමා දැඩි ලෙස කැපවන බවද ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව අතීතයේ දී බොහෝ වරක් සාකච්ඡාවට ලක් කෙරුණ ද වසර 40කට අධික කාලයක් එය නොවෙනස්ව පැවති බව ජනාධිපතිතුමා පැවසීය.
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලීමට අපේ රජයට හැකිවීම ආඩම්බරයට කරුණක් බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය. යුක්තිය ප්‍රමාදවීම, යුක්තිය අහිමි කරනු ලබයි යන කියමන උපුටා දැක්වූ ජනාධිපතිතුමා යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිම සඳහා උපරිමාධිකරණ ධූර සංඛ්‍යාව ඉහළ නැංවීම සදහා 20 වන සංශෝධනයෙන් ඉඩ ප්‍රස්ථාව සැලසුන බව සඳහන් කල අතර යුක්තිය, කාර්යක්ෂම අයුරින් පරිපාලනය කිරීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සම්බන්ධයෙන් පමණක් නොව රටේ ආර්ථික ප්රගමනයට ද අතිශය වැදගත්ය.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මගින් විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ගැටළු නිරාකරණය කොට ජාතියේ ප්‍රගතිය පෝෂණය කරනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.