හෙට 2 වනදා ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් සුළං සහ සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.
2020 දෙසැම්බර් මස 01 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය බුරවි සුළි කුණාටුව ඊයේ රාත්‍රී (30) 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 590 ක් දුරින් ස්ථානගතව ඇති බවය. මෙම පද්ධති ඉදිරි පැය 06 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඊට පසුව එළඹෙන පැය 12 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනයව වනු ඇති බවත් මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේදී ඇතුළුවිය හැකි බවද පවසයි.
එම නිවේදනයේ තව දුරටත් මෙසේ සදහන් වේ. නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක. වයඹ පළාතේ තැනින් තැන වැසිද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතීවි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර පළාත්වල විටින් විට පැ.කි.මි.(30-40) පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.