ඉන්දික ශ්රී අරවින්ද
ඉදිකිරීම් අවසන් කර ඇති කොළඹ නෙළුම් කුළුණේ ප්රමිතිය පරීකෂා කිරීම සඳහා වෙනම තාක්ෂණික කමිටුවක් පත්කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මහතා Colombo Gazette වෙත ප්රකාශ කළේ මෙම නෙළුම් කුළුණේ යම් යම් අඩුපාඩු මෙන්ම විදුලි සෝපනයන්හි පවතින තාක්ෂණික දෝෂ පරික්ෂා කිරීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත විශේෂ තාක්ෂණික කමිටුවක් විසින් ලබන දෙසැම්බරයේදී අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවය.
අදාල චීන ඉදිකිරීම් සමගම විසින් නෙළුම් කුළුණ ලබන මසදී රජයට භාරදීමට එකඟ වී ඇති අතර ලබන වසරේ මැයි- ජුනි අතර මහජනයාට විවෘත කිරීමට බලාපොරොත්තු වෙයි. මෙම නෙළුම් කුළුණේ ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම සඳහා චීනයේ සිට විශේෂ කණ්ඩායමක් ද මෙරටට පැමිණීමට නියමිතය.
කොළඹ නෙළුම් කුළුණ හරහා මෙරට තාක්ෂණයේ පැහැදිලි වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන බවත් 5G තාක්ෂණය සමගින් නව අත්දැකීම් රැසක් ශ්රී ලාංකික ජනතාවට අත්විඳීමට අවස්ථාව හිමි වෙන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මහතා වැඩිදුරටත් පැවසිය.