මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය සිව් දෙනෙක් ගේ සිරුරු රෝහල් ගත කර තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
අද දින සවස් කාලයේදී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් නොසන්සුන්තාවයක් ඇති කර තිබිණි. ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය පාවිච්චි කර ඇති අතර එහිදී එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.
කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් පොලිස් කණ්ඩායම් 05ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීමට යොදවා ඇත. තුවාල ලැබූ රැඳවියන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.