වෛශනී වෙල්රාජ්
සිරකරුවන් පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමේ ක්රියාවලිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
සිරකරුවන් 600 දෙනෙකුට ජනාධිපති සමාවක් ලබා දීමට තීරණය කල බව බන්ධනාගාර පරිපාලන, පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන කොමසාරිස් චන්දන ඒකනායක මහතා කොළඹ ගැසට් පත්රයට පැවසීය.
සුළු වැරදි සඳහා දඩුවම් ලබා ඇති සහ ජනාධිපති සමාවක් ලබා ගැනීමට සුදුසුකම් ඇති සිරකරුවන්ගේ නම් භාර දෙන ලෙස දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාරවලට උපදෙස් දෙන ලදී.
ශ්රී ලංකාවේ බන්ධනාගාර හරහා රැඳවියන් අතර කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙම කණ්ඩායම නිදහස් කිරීමට නියමිත බව ඒකනායක මහතා පැවසීය.
සිරකරුවන්ගේ වැරදි සහ සුදුසුකම් සමාලෝචනය කිරීමෙන් අනතුරුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ (27) සිට සිරකරුවන් නිදහස් කිරීමට පටන් ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.