තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඊයේ දිනයේදී කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් මෙලෙස මියගොස් ඇත. ඒ අනුව මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99කි. මිය ගිය තිදෙනා කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවකි.
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559 දෙනෙකු වාර්තා වී ඇත. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,816ක් ද මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,212ක් ද වේ.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,491ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් ගාලු මුවදොර පිටියේදී මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය