ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇත. මේ අතර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
21 වන සියවස දැනුම් කේන්ද්‍රීය ශත වර්ෂය ලෙස සැලකේ. එය යථාර්ථයක් කරනු වස් “තාක්ෂණය මත පදනම් වන සමාජයක්” බිහිකිරීම “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳපොළ ක්‍රියාවලිය සරළ කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවක් බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව අමාත්‍යාංශයේ විෂයය පථයට අයත්ය.