කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් ඇත.
මිය යන විට 42 වියෙහි පසුවූ ස්ථානාධිපතිවරයා පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ ගාලු මුවදොර පිටියේ අද (26) උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර ඔහු මෙලෙස මියගොස් ඇති බවත් මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කරඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය අංශය පැවසීය.