ඇතැම් පුද්ගලයින්ට PCR පරීක්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.
එමෙන්ම ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ අතර දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 29ක් මේ වනවිට හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 13ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 05ක්, කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 02ක් මෙලෙස හුදකලා කර ඇත.