රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්රි රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස් කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝගය කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ඡන්ද පොල වෙත ප්රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද දිනයේ කැදවූ අතර රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හළ මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
එසේම විදෙස් ගමන් තහනමක් ද රිෂාඞ් බදියුදීන් මන්ත්රීවරයාට පැනවූ අතර ඒ සම්බන්ධයෙන් ආගමන විගමන ජනරාල්වරයාට දන්වන ලෙස ද නියෝග කර ඇත.
එමෙන්ම, සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔවුන් දැනුම් දෙන අවස්ථාවකදී පෙනී සිටින ලෙසයි මහේස්ත්රාත්වරයා දැනුම් දුන්නේය.