ඉන්දික ශ්‍රී අරවින්ද
දැනට පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම තවත් සති 2 කින් පමණ කල්යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳන් කරයි.
එයට හේතුව වී ඇත්තේ එ.ජා.පයේ මහ ලේකම් ලෙස කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතා එම ධුරයෙන් ඉවත්වීම නිසා පුරප්පාඩු වූ එම තනතුරට වෙනත් සාමාජිකයෙකු පත් කිරීම ලබන සතිය දක්වා කල් දැමීම නිසාය.
මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අවශ්‍ය ලේඛණයට අත්සන් කිරීමේ බලය පක්ෂයේ මහ ලේකම්වරයාට පැවරී ඇති බැවනි.
ඒ අනුව එ.ජා.පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මන්ත්‍රීවරයකු පත්කිරීම ඊළඟ සතිය දක්වා කල්යනු ඇති බව එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් Colombo Gazette කළ විමසීමකදී හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ මීළඟ එ.ජා.පක්ෂ මහ ලේකම් ධුරය සඳහා සුදුසු සාමාජිකයින් කිහිපදෙනෙකුම සිටින බවත් ඒ අයගෙන් කෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතව ඇති බවයි.
එහෙත් එ.ජා.පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තමාට ලැබිය යුතුව ඇති අතර එහෙත් පක්ෂයේ බහුතර කැමැත්ත ඇත්තේ තරුණ සාමාජිකයෙකුට එම ධුරය ලබාදීමට බව ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසිය.